නිරුවත් චරිත වලට පෙනී සිටීම ගැන ධනංජි තාරුකා කතා කරයි

0
253

ධනංජි තාරුකා කියන්නේ පුංචි තිරයේ ඉන්න දගකාර පෙම්වතියක් කිව්වොත් හරි. විවිධ චරිත ඔස්සේ ප්‍රේක්ෂකයින්ව ආමන්ත්‍රණය කර ධනංජි කලා දිවයේ අලුත් තොරතුරු කිහිපයක් ගැන පුවත්පතකට මේ විදිහට කියලා තිබුණා. මේ ඒ ගැනයි.

ධනංජි කියන්නේ හැමදාම වැඩ එක්‌ක ඉන්න නිළියක්‌ ?

මම ක්‌ෂේත්‍රයට එන්නේ මෝස්‌තර නිරූපණයෙන්. ඊට පස්‌සෙ වෙළෙඳ දැන්වීම්වලට සහභාගි වුණා. ඒ හරහා තමයි ටෙළි නාට්‍ය කලාව ජීවිතයට තෝරගන්නේ. මට මේ කාලය පුරාම වැඩ අඩු වැඩි කාල කියල නැහැ. ගතවුණ අවුරුදු හත පුරාම මට විවිධ චරිත ලැබුණා. කලා ශිල්පිණියක්‌ විදිහට වගේම ඉතාම කෙටි කලකින් ජනප්‍රිය වෙන්න මට අවස්‌ථාව හිමිවෙලා තියෙනව.

ධනංජි පෞද්ගලික දිවියේ කටකාර දඟකාරියක්‌ද?

පුද්ගලික දිවියේ මම හරිම සංවේදී කෙනෙක්‌. යාළුවෙක්‌ වුණත් මා සමඟ කතා නොකර හිටියම මට දුකක්‌ දැනෙනව. මතුපිටින් දඟකාර විදිහට පෙනුනට මම සංවේදී කෙනෙක්‌. හැබැයි සමහර වෙලාවට දඟකාරී ගතිගුණත් නැතිවා නෙවෙයි.

ධනංජිට රංගනයේදී සීමාවන් තියෙනවද?

සීමා කියන්නෙ, නිරුවත් චරිතවලට මම පෙනී සිටින්නෙ නැහැ. මගේ වයස හා පවුල් පසුබිම එක්‌ක මට ඒ දේවල් ගැලපෙන්නෙ නැහැ. ඒ හැරණම මට ගැලපෙන චරිත ලැබුණම ඒවා තෝරාගෙන කරනව.

ධනංජිගේ රංගන දිවියේ ඉදිරි සැලසුම් මොනවද?

පුළුවන් හැම වෙලාවෙම රංගනයේ යෙදෙන්න කැමති කෙනෙක්‌ මම. සම්පූර්ණ කාලයම රංගනයට යොමු කරන්නයි මම කැමැති. සමහර විට විවාහයත් එක්‌ක රංගනයෙන් ඈත් වෙන්න වුණොත් මම ඉඩ ලැබෙන විදිහට රංගනයේ යෙදෙනවා.

ඒ කියන්නෙ ධනංජි දැන් විවාහය හා ඉන් ඉදිරිය ගැන තීරණය කරල ඉවරයි කියන එකද?

තවම විවාහය ගැන අදහසක්‌ නැහැ. මට තවම පෙම්වතෙක්‌ නැහැ…ආදරය කරන්න වෙලාවකුත් නැහැ. මේ කාර්ය බහුලත්වය නිසා. අපේ ගෙදරින් කියනව මම දැන් විවාහ වෙන්න ඕනි කියල. ඒත් ලොකු බල කිරීමක්‌ නැහැ. බලමු ඉදිරියෙදී. මම කොහොමටත් කැමති කලාව තුළ තවදුරටත් ඉදිරි ගමනක්‌ යන්නයි.

ධනංජි ඇයි ඔබලාගේ පරපුර මාධ්‍ය මඟහැර සිටින්න උත්සාහ කරන්නේ?

සමහර විට කටකතා නිසයි එහෙම හිතනව ඇත්තේ. නමුත් කලාකාරයො කියන අයට මිනිස්‌සු හරි ආදරෙයි. ඔවුන් ජනප්‍රිය වුණාම ජනතාවට අයිති මිනිසුන් කොටසක්‌ බවට පත් වෙනවා. ඒ ආදරය නිසාම ජනප්‍රිය කෙනකුගේ ගති ලක්‌ෂණ අනුකරණය කරන්න ගොඩක්‌ අය කැමතියි. ඒ නිසා අපි හරි ආදර්ශවත්ව ජීවත් වුණොත් ගොඩක්‌ දේවල් අපිට වෙනස්‌ කරන්න පුළුවන්.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here