මාධ්‍යවේදී ලසන්ත ඝාතන සිද්ධියට රිමාන්ඩ් භාරයේ සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ පොලිස් පරීක්ෂකට ඇප

0
6

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ ඝාතන සිද්ධියට අදාළ තොරතුරු වසන් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර සහ ගල්කිස්ස පොලීසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක තිස්සසිරි සුගතපාල ඇප මත මුදා හැර තිබේ.

ඒ, ඊට අදාළ නඩුව ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (16) කැඳ වූ අවස්ථාවේ දී ය.

එහි දී අධිකරණය නියෝග කළේ රුපියල් මිලියනය බැගින් වූ ඇප දෙකක් මත ඔවුන් මුදා හරින ලෙසයි.

පසුගිය පෙබරවාරි මස 01 වැනි දා ගල්කිස්ස පොලීසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගත් අතර, පෙබරවාරි මස 14 වැනි දා ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අත්අඩංගුවට ගනු ලැබී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here