කාසල් කාන්තා රෝහල ඩිජිටල්කරණයට ලක් කරයි

0
10

Image result for kasal hospital

කාසල් වීදිය කාන්තා රෝහලේ සෞඛ්‍ය වාර්තා තොරතුරු සහ රෝගී ප්‍රතිකාර සේවා රැසක් ඩිජිටල්කරණය කෙරුණු බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි.

ඒ අනුව, රෝගියෙක් රෝහලට ඇතුලත් කර ගැනීමේදී බාකෝඩ් පතක් ලැබෙන බවත්, මේ නිසා රෝගියාට ප්‍රතිකාර ලබාගැනීම ඇතුළු සියලු සේවා ඉතා විධිමත්ව සහ කාර්යක්ෂමව සිදුකර ගැනීමට හැකි බවත් පෙන්වා දෙයි.

එසේම නැවත වරක් රෝගියාට රෝහල් ගතවීමට සිදු වුව‍හොත් රෝගී ඉතිහාසය පිළිබඳ දත්ත බාකෝඩ් අංකය යටතේ වාර්තා වී තිබීම නිසා කඩිනමින් වෛද්‍යවරයාට එය පරිශීලනය කිරීමට හැකි බවද කියයි.

තවද සාමාන්‍ය පරිදි මෙතෙක් කලක් සිදු කෙරුණු රෝගීන්ගේ එක්ස් රේ ගැනීමේ කටයුතු මින් ඉදිරියට ඩිජිටල්කරණය කිරීම නිසා විනාඩි කිහිපයක් තුළදී ඉතාමත්ම ගුණාත්මක බවින් ඉහළ එක්ස් රේ පතක් නිරීක්ෂණය කිරීමේ හැකියාවද වෛද්‍යවරයාට ලැබෙන බව පෙන්වා දෙයි.

මීට අමතරව, රෝගීන්ට ‍බෙහෙත් නිකුත් කිරීම සහ රෝහලේ ඖෂධ තොග කළමනාකරණය කිරීමද මෙම ඩිජිටල්කරණය යටතේ නව්‍යකරණයට ලක්කර ඇති බව වෛද නිලධාරී වෛද්‍ය ප්‍රවීන්ද සිල්වා මහතා සඳහන් කරයි.

මෙම ඩිජිටල්කරණ වැඩසටහන සඳහා තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් සැපයීම ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය විසින් ක්‍රියාත්මක ඩිජිටල් සෞඛ්‍ය ව්‍යාපෘතිය යටතේ සිදුකර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here