ඉන්ධන මිල සංශෝධනය කරයි ද? නැද්ද?

0
6

ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් අද (10) දිනයේ දී කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡා කිරීමට නියමිත බව මුදල් අමාත්‍යාශය පවසයි.

මුදල් අමාත්‍යාංශය විසින් හඳුන්වා දුන් මිල සූත්‍රයට අනුව ඉකුත් 05 වැනි දින මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමීමට පියවර ගනු ලැබී ය.

එහෙත් එම සංශෝධනයන් ක්‍රියාත්මක කිරීම නවතා දැමීමට රජය පසුව තිරණය කළේ ය.  

හඳුන්වා දී ඇති මිල සුත්‍රයට අනුව මාස දෙකෙන් දෙකට ලෝක වෙළෙඳපොලේ මිලට අනුව ඉන්ධන මිල සංශෝධනය සිදුවිය යුතු බව මුදල් අමාත්‍යාංශය පෙන්වා දේ.

අදාළ මිල සුත්‍රය සඳහා කැබිනට් අනුමැතිය ද හිමිව ඇති බැවින් එය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අද දිනයේ කැබිනට් මණ්ඩලය තුළ සාකච්ඡා කිරිමට නියමිත බව සඳහන් වේ.

එහිදි ඉන්ධන මිල සංශෝධනය කරන්නේ ද නැද්ද යන්න පිළිබඳ අවසන් තීරණයකට එනු ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here