කිලෝග්‍රෑම් 05 සහ 2.3 ගෘහස්ථ ගෑස් මිලත් පහළට

0
9

කිලෝග්‍රෑම් 5 සහ 2.3 ගෘහස්ථ ගෑස් මිල ද අඩුකර ඇති බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් පවසයි.

ඒ අනුව කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 55 කින් සහ කිලෝග්‍රෑම් 2.3 ක ගෑස් සිල්න්ඩරය රුපියල් 25කින් අඩුකර ඇති බව අමාත්‍යවරයා කියා සිටියේ ය.

පසුගිය ජුනි මස 29 වැනි දා සිට ක්‍රියාත්මකවන පරිදි කිලෝග්‍රෑම් 12.5 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 138 කින් අඩු කිරීමට සාපේක්ෂව කුඩා ගෑස් සිලින්ඩර මිල ද අඩුකළ බව රිෂාඩ් බදියුදීන් ප්‍රකාශ කරයි.

මිල අඩු කිරීමෙන් පසුව ද තවමත් වැඩි මිලට ගෑස් විකුණන වෙළඳුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම සඳහා වැටලීම් සිදු කරන ලෙසට පාරිභෝගික සේවා අධිකාරියට නියෝග කළ බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

එවැනි වැරදි සිදු කරන වෙළෙඳුන්ට එරෙහිව නඩු පැවරීමෙන් පසු වැරදිකරුවන් වුවහොත් රුපියල් පන්දහසේ සිට පනස් දහස දක්වා දඩ නියම කිරීමට හෝ බන්ධනාගාර ගත කිරීමට මෙන්ම එම දඩුවම් දෙකම නියම කිරීමට හැකියාව පවතින බව ද කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයා පෙන්වා දෙයි.

රජය ජීවන වියදම් කමිටුවේ දී සෑම සතියකම පාරිභෝගික භාණ්ඩ මිල සමාලෝචනයේ යෙදෙන අතර ඒ අනුව අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල නියාමනයකට ලක්කරන බව ද ඔහු කියා සිටියේ ය.

ඒ ආකාරයෙන් රජය පාරිභෝගිකයන්ට ලබාදෙන සහන ඒ ආකාරයෙන්ම ඔවුන් වෙත ලබාදිය යුතු බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here