“තනාපති කාර්යාල නඩත්තු කරන්න රුපියල් බිලියන 18ක් වැය කරලා” – විගණකාධිපති කියයි

0
5

Image result for National Auditor gamini wijesinghe

රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවේ මූල්‍ය අධික්ෂණයට ලක්වන සියලුම ආයතනවල 2016 වසරට අදාළ වාර්තා අද (19) පාර්ලිමේන්තුවට ඉදරිපත් කිරීමට නියමිත ය.

මේ අතර රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවේ ආයතන ඇගයීම සඳහා කි‍්‍රයාත්මක පරිගණක ජාල වැඩසටහන ඇතුළු නව වැඩසටහන් පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ සම්මන්ත‍්‍රණයක් ඊයේ (18) පැවැත්වුණි. ඊට එක්වූ විගණකාධිපති ගාමිණී විජේසිංහ රාජ්‍ය ආයතන කිහිපයක් පිළිබඳ අදහස් පළ කරනු ලැබීය. විදේශ සේවය පිළිබඳ විගණකාධිපතිවරයා එහිදී දැක්වූයේ මෙවන් අදහසක්

“මුළු රටම පිළිගන්නවා විදේශ සේවා අකාර්යක්ෂමයි කියලා. ඒ අකාර්යක්ෂම බව තියෙන්නේ වියදමේ නෙමෙයි. ඒ අකාර්යක්ෂමබව තියෙන්නේ එයාලගේ කාර්යක්ෂමතාවයේයි.  විදේශ සේවා තුළින් බලාපොරොත්තු වෙන්නේ රටේ ප්‍රතිරූපය ගොඩ නැගීමයි.  හැබැයි තනාපති කාර්යාල ටික නඩත්තු කරන්න විතරක් 2017 වසරේ බිලියන 08ක් වියදම් කරලා තියෙනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here