ක්‍ර‍ිකට් ලෝකයට 20-20 තරග හදුන්වාදුන් එංගලන්තයෙන් සුපිරි පන්දු 100 තරගාවලියක්

0
237

2020 වසරේ සිට පන්දු 100 කින් යුත් දේශීය ක්‍රිකට් තරඟාවලියක් හඳුන්වාදීමට එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය සැරසෙනවා.

මෙම තරඟාවලියට කණ්ඩායම් 8ක් සහභාගි වනු ඇති අතර පන්දු 6 යුත් පන්දුවාර 15ක් හා පන්දු 10 පන්දුවාරයක් ලෙස මෙම පන්දු 100 සැකසෙනු ඇතියි.

කෙසේ වෙතත් මෙලෙස අමතර පන්දු 10 එකතු කිරීමේ නිශ්චිත හේතුවක් මෙතෙක් සඳහන් වන්නේ නැහැ.

එමෙන්ම එම පන්දුවාරය එක් පන්දු යවන්නෙකු විසින් යොමු කරනවාද හෝ පන්දු යවන්නන් කිහිපදෙනෙකු විසින් යොමු කරනවාද යන්න මෙතෙක් පැහැදිලි කිරීමක් සිදුව නැහැ.

මේ වන විට ක්‍රිකට් ක්‍රීඩාවේ ඇති කෙටිම තරඟ වන්නේ විස්සයි 20 තරඟය.2003 වසරේ විස්සයි 20 තරඟ රටාවටද ක්‍රිකට් ක්‍රීඩාවට හඳුන්වාදුන්නේ එංගලන්ත විසිනි

මෙය නැවුම් වූ අදහසක් බවත් මෙමගින් ක්‍රිකට් ක්‍රීඩාවට නව ප්‍රෙක්ෂකයන් ආකර්ෂණය කරගත හැකි බවත් එංගලන්ත ක්‍රිකට් ප්‍රධානි ටොම් හැරිසන්ගේ මතය වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here