පැනමාව පරාජය කරමින් එංගලන්තය වාර්තාගත ජයක් ලබයි

0
4

Image result for Panama and england fifa

රුසියාවේ පැවැත්වෙන පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ‘ජී’ කාණ්ඩය යටතේ ඊයේ (24දා) පැවැති තරගයකින් පැනමා කණ්ඩායම පරාජය කර ගෝල 6-1ක විශිෂ්ට ජයක් ලැබීමට එංගලන්ත කණ්ඩායම සමත් විය. මෙම ජයග්‍රහණයත් මුහුණදුන් තරග දෙකම ජයගත් එංගන්තයට, තවත් තරගයක් ඉතිරිව තිබියදීම පෙර අර්ධ අවසන් පූර්ව වටයට (16 දෙනාගේ වටය) සුදුසුකම් ලබාගැනීමට හැකිවිය.

ලෝක කුසලාන පාපන්දු තරග ඉතිහාසයේ මූලික වටයේ මුහුණදුන් තරග දෙකම එංගලන්තය ජයගත් දෙවැනි අවස්ථාව මෙය වන අතර, මීට පෙර 2006 හා 1982 වසරේදී ඔවුන් මෙම දස්කම දක්වා තිබේ. එමෙන්ම ප්‍රධාන පාපන්දු තරගාවලියකදී (ලෝක කුසලාන/ යුරෝපා කුසලාන) එංගලන්තය අත්කරගත් ඉහළම ජයග්‍රහණයද මෙය වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here