ලෝක කණ්ඩායමේ නායකත්වය ඉයොන් මෝගන්ට

0
26

කැරිබියානු දිවයින්වලට බලපෑ ඉර්මා සහ මරියා සුළි කුණාටුවලින් හානි සිදු වූ ක්‍රීඩාංගන ප්‍රතිසංස්කරණය සඳහා අරමුදල් රැස් කිරීමේ ප්‍රදර්ශන තරගයේ දී ICC ලෝක ක්‍රිකට් කණ්ඩායම මෙහෙයවීමට එංගලන්ත නායක ඉයොන් මෝගන් නම් කර තිබේ.

එම තරගය එළැඹෙන මැයි මස 31 වැනිදා ලන්ඩනයේ දී පැවැත්වෙන්නේ ලෝක ක්‍රිකට් කණ්ඩායම සහ පසුගිය විස්සයි විස්ස ලෝක ශූරයන් වූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතරයි.

මෙම විස්සයි විස්ස ප්‍රදර්ශන තරගයේ අනෙකුත් ක්‍රීඩකයන් ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය මගින් ඉදිරියේ දී නම් කෙරෙනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here