නව ආනයන අපනයන ජනරාල්වරයා පත් කරයි

0
3

ආනයන අපනයන දෙපාර්තමේන්තුවේ නව පාලන ජනරාල්වරිය ලෙස දමයන්ති කරුණාරත්න මහත්මිය පසුගිය 22දා වැඩ භාරගෙන තිබේ.

නව ආනයන අපනයන පාලක ජනරාල් දමයන්ති කරුණාරත්න මහත්මිය 1995 වසරේදී ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක් වූ කීර්තිමත් නිලධාරීවරියකි.

දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය ලේකම්වරිය ලෙස ග්‍රාමීය ජනතාවගේ ආර්ථික සාමාජීය හා සංස්කෘතික තත්ත්වයන් උසස් මට්ටමට ගෙන ඒමට කටයුතු කළ එවකට එම ප්‍රදේශයේ ඉතාමත් ජනප්‍රියතම රාජ්‍ය නිලධාරිනියක බවද සඳහන් වෙයි.

මෙම අවස්ථාවට සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතාද සහභාගී විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here