F.C.I.D ඉහළ නිලධාරියා ගැන ආණ්ඩුවෙන් පරීක්ෂණ 2ක්

0
76

මූල්‍ය අපරාධ කොට්ඨාශයේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට ලැබුණු පැමිණිලි රැසක් මුල්කර ගෙන පරික්ෂණ දෙකක් ආරම්භ කර තිබේ.

පොලිස්පතිවරයාගේත්, නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයේ ‍ලේකම්වරයාගේත් ප්‍රධානත්වයෙන් මූල්‍ය අපරාධ කොට්ඨාශයේ කටයුතු කරන ඉහළම නිලධාරියෙකුගේ මෑත කාලීන  ක්‍රියාකලාපය සම්බන්ධයෙන් මෙම පරීක්ෂණ ආරම්භ කර ඇත.

පොලිස් දෙපාර්තමේන්තුව යටතේ ඇති මූල්‍ය අපරාධ කොට්ඨාශයේ පරීක්ෂණ අඩපණ කිරීම සඳහා ක්‍රියාත්මක වී ඇතැයි කියන ප්‍රබල බලපෑමක් සම්බන්ධයෙන් මෙම පරීක්ෂණ මගින් තොරතුරු අනාවරණය කර ගැනීමට නියමිත අතර  අදාළ නිලධාරියා සම්බන්ධයෙන් කරන පරීක්ෂණ වාර්තාව දින 15 ක් ඇතුළත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට භාරදීමට ද  නියමිතය.

මීට අදාළව ‍පොලිස්පතිවරයාගේ මූලිකත්වයෙන් කෙරෙන පරීක්ෂණයේ දී ප්‍රධාන වශයෙන්ම මූල්‍ය අපරාධ කොට්ඨාශයට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් වගකිව යුතු බලධාරියකු කිසිදු ප්‍රකාශයක් ලබා නොදීම සම්බන්ධව ද විමසා බැලීමට නියමිතව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here