Facebook ඔස්සේ අසභ්‍ය දේවල් හුවමාරු කිරීම නැවත්වීමට පියවර

0
41

Facebook ඔස්සේ හුවමාරුවන අසභ්‍ය වීඩියෝ සහ අසභ්‍ය ඡායාරූප නතර කිරීමට Facebook ආයතනය පියවර ගෙන තිබෙන බව වාර්තා වේ. මේ සඳහා Facebook ආයතනය විසින් නවතම ක්‍රමවේදයක් හඳුන්වා දෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අදාළ ක්‍රමවේදය හඳුන්වන්නේ photo-matching technologies ලෙසයි. ඒ අනුව යම් කිසි පුද්ගලයෙකුගේ අකමැත්තකින් ඔහුගේ හෝ ඇයගේ අසභ්‍ය වීඩියෝ පටයක් හෝ අසභ්‍ය ඡායාරූප Facebook හරහා හුවමාරු වුවහොත් ඔහුට හෝ ඇයට කඩිනමින් ඒ පිළිබඳව Facebook ආයතනයට Report කළ හැකි ය.
එහි දී අදාළ කටයුතු සිදු කිරීමට පුහුණුව ලත් විශේෂ කණ්ඩායමක් විසින් අදාළ ඡායාරූප සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදුකර ඒවා ඉවත් කිරීමට කඩිනම් පියවර ගනු ඇත. මේ අතර එවැනි අවස්ථාවල අපහසුතාවයට පත් වූ පාර්ශවය පිළිබඳ සලකා බලා අදාළ ඡායාරූප හුවමාරුවන Facebook ගිණුම් අත්හිටුවීම ද සිදුවිය හැකි බව Facebook ආයතනය නිකුත් කළ නිවේදනයක දැක් වේ.
මේ වනවිට අන්තර්ජාලයට එක්කර ඇති අසභ්‍ය ඡායාරූප සහ අසභ්‍ය වීඩියෝ පට Facebook ආයතනය විසින් හඳුනාගෙන ඇති අතර අදාළ ක්‍රමවේදයට අනුව එවැනි දෑ Facebook ගිණුම් හරහා හුවමාරු කිරීමට ද අවසර නොමැති බව එහි වැඩිදුරටත් දැක් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here