Facebook අයිතිය වෙනුවෙන් ගමන්පිල පාරට බහින්න සූදානම් වෙයි

0
15

ෆේස්බුක් සමාජ ජාලය තුළ ප්‍රකාශන අයිතිය තහවුරු කිරීම වෙනුවෙන් තරුණ තරුණියන් දහස් ගණනක් සමග තමා ද පාරට බැසීමට සුදානම් බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි.

අද (12) කොළඹ පැවති එම පක්ෂයේ මාධ්‍ය හමුවට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ ය.

මහනුවර ඇති වූ ගැටුම මේ වනවිට අවසන් වී ඇති බවත්, ඒ අනුව ඇඳිරි නීතිය ද අවසන් බවත්, 14 වැනි දා වනවිට හදිසි නීතිය ද අවසන්වීමට නියමිත බව ද පැවසූ ඔහු ෆේස්බුක් තහනම මෙතෙක් අවසන් වී නොමැති බව ද කියා සිටියේ ය.

ආණ්ඩුව මේ තුළින් දඹුළු ගොස් තලගොයි මරා ගෙන පැමිණීමට උත්සහ දරන බවත්, ජාතිවාදය වැළැක්වීමට යැයි පවසා ආණ්ඩු විරෝධයේ උල්පත වී ඇති සමාජ ජාලා දඩයම් කිරීමේ යෙදී සිටින බව ද පැවසී ය.

කෙසේ වෙතත් මෙම තහනම කිසිසේත් ප්‍රායෝගික නොවන අතර තරුණ තරුණියන් හොරෙන් ෆේස්බුක් ගොස් බලන විට ජනාධිපතිවරයා හා අගමැතිවරයාත් හොරෙන් ෆේස්බුක් පැමිණ ඇති බව ද හෙතෙම එහි දී වැඩිදුරටත් සඳහන් කළේ ය.

වෛරය පැතිරීමට ෆේස්බුක් යොදා ගන්නවා යන පදනමින් එය තහනම් කිරීම විහිළුවක් බවත්, ලෝකයට විහිළු සැපයීම නතර කොට වහාම ෆේස්බුක් තහනම ඉවත් කරන ලෙස ආණ්ඩුවට බල කරන බව ද ඔහු වැඩිදුරටත් පැවසී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here