මාස අටේ කිරිකැටියා සමග පියෙකු දුම්රියට පනී

0
5

කුරුණෑගල, පල්ලෙකොටුව ප්‍රදේශයේ දී පුද්ගලයෙකු සිය මාස 08ක් වයසැති බිළිඳා සමග දුම්රියට පැන සියදිවි හානි කරගෙන තිබේ.

කන්කසන්තුරේ සිට මාතර බලා ධාවනය වූ දුම්රියට පැන එලෙස දිවි නසාගෙන ඇත්තේ පල්ලෙකොටුව, වැල්ලව ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 30ක පුද්ගලයෙකි.

ඔවුන්ගේ මෘත ශරීර කුරුණෑගල රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අද (23) දින සිදු කිරීමට නියමිත බව පොලිසිය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here