සිසුන් පිරිසක් කළ පහරදීමක් නිසා පාසල් සිසුවෙක් මිය යයි

0
38

සිසුන් පිරිසක් විසින් කළ පහරදීමකින් පසු බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පාසල් සිසුවෙක් අද (23) අලුයම ජිවිතක්ෂයට පත්ව තිබේ

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හලාවත ප්‍රදේශයේ පාසලක ප්‍රධාන ශිෂ්‍ය නායකයා ලෙස කටයුතු කළ 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ 16 හැවිරිදි පාසල් සිසුවෙක් වේ.

පසුගිය 15 වන දින රාත්‍රියේ පැවති ආගමික වැඩසටහනකට සහභාගී වී පැමිණෙමින් සිටින අතර තුර මඟ රැකගෙන සිටි සිසුන් පිරිසක් විසින් එම සිසුවාට පහර දී ඇත.

පහර කෑමෙන් බරපතල තුවාල ලබා සිටි සිසුවා හලාවත දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත මාරුකර යවා තිබේ.

එහිදී සිසුවා ශල්‍යකර්මයකට ද භාජනය කර ඇති අතර දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (23) අලුයම ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය කියා සිටී.

පහරදීම සම්බන්ධයෙන් සැකපිට පසුගිය 16 වනදා එම පාසලේම ඉගෙනුම ලබන එක් පාසල් සිසුවෙක් සහ පසුගිය 17 වනදා තවත් පාසල් සිසුන් දෙදෙනක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here