ධනංජය ද සිල්වාගේ පියා ගැන ඔත්තු දුන් දුරකතනය සොයාගනී

0
8

ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා කේ. රංජන්ද සිල්වා ඝාතනය කිරීමට ඔහු සිටිනා තැන ගැන තොරතුරු ලබා දුන්නේයැයි සැක කරන දුරකතනයක් රත්මලානේ ඇළක තිබී අද (26) සොයා ගත් බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් අද පෙරවරුවේ එම දුරකතන සෙවීමේ කටයුතු ආරම්භ කර තිබේ.

රත්මලාන – ඥානේන්ද්‍ර පාරේ දී ඔහු ඝාතනය වන විට 62 වැනි වියේ පසු විය.

ඔහු පළාත් පාලන මැතිවරණයට තරග කර දෙහිවල – ගල්කිස්ස මහ නගර සභාවේ මන්ත්‍රීවරයකු ලෙස තේරී පත් වී සිටියේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here