තට්‌ටය පෑදීමේ තත්ත්වයට පිළියම් සොයා ගනී

0
26

එක්‌සත් රාජධානියේ මැන්චෙස්‌ටර් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් කණ්‌ඩායමක්‌ විසින් හිසෙහි තට්‌ටය පෑදීමේ තත්ත්වයට ප්‍රතිකාර කළ හැකි නව බෙහෙත් ප්‍රතිකාරයක්‌ සොයා ගෙන ඇතැයි බීබීසී පුවත් සේවය පවසයි.

මෙම නව ප්‍රතිකාරය තනා ඇත්තේ ඔස්‌ටියෝපොරෝසිස්‌ රෝගයට ප්‍රතිකාර සඳහා යොදා ගන්නා බෙහෙතක්‌ යොදා ගනිමිනි. මෙම නව ප්‍රතිකාරය සොයා ගැනීමේ පර්යේෂණය මෙහෙය වූ මැන්චෙස්‌ටර් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය නේතන් හෝක්‌ෂෝට අනුව හිසකෙස්‌ අධික ලෙස ගැල වී යැමෙන් තට්‌ටය පෑදීමේ තත්ත්වයට මුහුණ පා ඇති ජනතාවට මෙම නව ප්‍රතිකාරයෙන් වෙනසක්‌ දැකිය හැකිවනු ඇත.

මේ වනවිට තට්‌ටය පෑදීමේ තත්ත්වයට ප්‍රතිකාර සඳහා කාන්තාවන් හා පිරිමින්ට නිර්දේශ කරනු ලබන ‘මිනොක්‌සිඩිල්’ හා පිරිමින්ට පමණක්‌ භාවිත කරන ‘නස්‌ටෙරිඩ්’ යන බෙහෙත් වර්ගවල අතුරු ආබාධ පවතින බව හෙළි වී ඇත. ඒවා සෑම විටම ඵලදායී නොවන බව අනාවරණය වී ඇතැයි පර්යේෂකයෝ පවසති.

මෙම තට්‌ටය පෑදීම සුව කළ හැකි නව ප්‍රතිකාරය පර්යේෂණාගාරයක්‌ තුළ සිදුකර ඇති අතර ඒ සඳහා හිස කෙස්‌ බද්ධ කර ගත් රෝගීන් 40 දෙනකුට අධික පිරිසකගේ හිස කෙස්‌ වැටී තිබූ සමෙහි සාම්පල යොදා ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here