බටහිර බෙංගාලයේ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් 05 දෙනෙක් මරුට

0
2

ඉන්දියාවේ ප්‍රාදේශීය මැතිවරණ පැවැත්වෙන බටහිර බෙංගාලයේ ඇති වූ ගැටුම්කාරී තත්ත්ව හේතුවෙන් පුදගලයන් 05 දෙනකු මියගොස් 12 දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

කෙසේ වුවද තහවුරු නොකළ ආරංචි මාර්ග පවසන්නේ මෙම ගැටුම් වලින් 10දෙනකු පමණ මියගොස් ඇති බවයි.

ඡන්ද දායකයින් බිය ගැන්වීම් හා ඡන්ද මධ්‍යස්ථානයහි සිදුකළ පහරදීම් ද ස්ථාන කිහිපයකින් වාර්තාවන බව පොලිසිය පවසයි.

ඉන්දියාවේ පාලක භාරතීය ජනතා පක්ෂය පවසන්නේ මැතිවණය කඩාකප්පල් කිරීමේ චේතනාවෙන් බටහිර බෙංගාලයේ පාලක ට්‍රිනමූල් කොංග්‍රස් පක්ෂය මෙසේ ප්‍රචණ්ඩ ක්‍රියාවල යෙදෙන බවයි.

ට්‍රිනමූල් කොංග්‍රසය මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන අතර ඔවුන් පවසන්නේ සුළු සිද්ධීන් කිහිපයක් හැරුණු විට ඡන්දය සාමකාමීව පැවතුන බවයි.

එසේ වුව ද මැතිවරණ විශ්ලේෂකයින් පවසන්නේ මෙය බටහිර බෙංගාලයේ සිදු වූ දූෂිතම මැතිවරණය බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here