ජනපතිගේ තීරණය ගැන ෆොන්සේකා කණස්සල්ලෙන්

0
4

සිංහරාජ වනාන්තරයේ සිටින අලි දෙදෙනා ඉවත් කිරීමට ඉඩ ලබා නොදීම සම්බන්ධයෙන් තමා කණගාටුවන බව තිරසර සංවර්ධන, වනජීවී සහ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.

කොළඹ ඊයේ (18) පැවති වැඩසටහනකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ ය.

සිංහරාජ වනාන්තරයේ දැනට ඉතිරිව සිටින තෙත් කලාපීය වන අලින් දෙදෙනා හොරොව්පතාන ප්‍රදේශයේ රක්ෂිතයට ගෙනයාමට සැලසුම් කොට ඒ සඳහා මෙහෙයුමක් ආරම්භ කෙරුණේ ඉකුත් 14 වැනිදා ය.

අලින් එම ස්ථානයෙන් ඉවත් කිරීම සිංහරාජය ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් කිරීමට හේතු විය හැකි බව පවසමින් පරිසර සංවිධාන ඇතුළු පාර්ශ්ව කිහිපයක්ම ඊට සිය විරෝධය පළ කළේ ය.

එවන් පසුබිමක මෙම වන අලි දෙදෙනාගෙන් මිනිස් ජීවිතවලට හා දේපළවලට සිදුවන හානිය වළක්වන ලෙස ඉල්ලමින් ඊයේ කලවාන කජුගස්වත්ත ප්‍රදේශයේ දී 500ක පමණ ගම්වැසියන් පිරිසක් එක්ව විරෝධතාවක් ද පැවැත් විය.

මේ අතර අලි මෙහෙයුම නැවැත්වීමට ගත් තීරණය සම්බන්ධයෙන් කොළඹ පැවති උත්සවයකින් අනතුරු ව මාධ්‍යවේදීන් සරත් ෆොන්සේකා අමාත්‍යවරයාගෙන් විමසීමක් කළේ ය.

එහි දී අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, ජනාධිපතිවරයා විසින් ගනු ලැබු මෙම තීරණය ගැන තමා කණස්සල්ලෙන් පසුවන බවයි.

කෙසේ වෙතත් තම අමාත්‍යාංශයේ ඇති වෙන ගැටළු සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට තමාට නිදහසක් තිබිය යුතු බව ද ඔහු වැඩිදුරටත් පැවසී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here