හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අභාවප්‍රාප්ත වෙයි

0
15

එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වි.කේ ඉන්දික අභාවප්‍රාප්තවී තිබේ.

කොළඹ පිහිටි ඔහුගේ නිවසේ සිටිය දී ඊයේ (05) ඔහු එලෙස අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතියෙක් ප්‍රකාශ කරයි.

මන්ත්‍රීවරයාගේ දේහය මේ වනවිට පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු සඳහා කළුබෝවිල ශීක්ෂණ රෝහලට රැගෙන ගොස් තිබේ.

මිය යන විට ඔහු 51 වැනි වියේ පසු විය.

වී.කේ ඉන්දික 2015 වසරවන තෙක් හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කර තිබේ.

ඔහු 1990 වසරේ දී පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස තේරීපත් ව 2009 වසර දක්වා අවස්ථා කිහිපයක දී පළාත් අමාත්‍ය ධුරයන් රැසක ද කටයුතු කළ අයෙකු වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here