ටොයෝටා සමාගමේ හිටපු සභාපතිවරයා මියයයි

0
11

ලොවක් වැළඳගත් සුපිරි වෙළඳ නාමයක්වන ටොයෝටා සමාගමේ හිටපු සභාපති Tatsuro Toyoda මියගොස් තිබේ.

මියයන විට ඔහු 88 වැනි වියේ පසු විය. ඔහු ලෝ පතල වෙළෙඳ නාමයක්වන ටොයෝටා සමාගමේ ආරම්භකයා වූ Sakichi Toyodaගේ පුත්‍රයා ය.

1990 වසර වනවිට ලොවම උඩුයටිකුරු කළ මෙම වෙළෙඳනාමය ජාත්‍යන්තරයට ගෙන යාමේ සම්පූර්ණ ගෞරවය හිමිවන්නේ Tatsuro Toyoda වෙත ය.

ඔහු toyotaහි වඩාත් කාර්යාශුර මෙන්ම සේවකයන්ට වඩාත් හිතැති ප්‍රධානියෙක් ලෙස ප්‍රසිද්ධියට පත් විය. බොහෝ අවස්ථාවල දී ඔහුගේ විසඳුම් බොහෝ පිරිසක් මවිතයට පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ලෝකයේ මෝටර් රථ වෙළෙඳපොලේ විප්ලවයක් ඇති කළ Prius Hybrid මෝටර් රථයට ලොවට හඳුන්වාදීමේ ගෞරවය හිමිවන්නේ ද Tatsuro Toyodaට ය.

ඔහු වයස අවුරුදු 66 දී අධික රුධිර පීඩනය හේතුවෙන් රෝහල් ගත කළ අතර ඉන් අනතුරු ව ඔහු toyota සමාගමේ සභාපතිත්වයෙන් ඉවත්වීමට පියවර ගෙන ඇත. මේ වනවිට ඔහුගේ මුණුපුරා විසින් තම මුත්තණුවන්ගේ අඩිපාරේ යමින් වෙළඳපොළට පිවිස තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here