වියානා ඇළට පෙරළුණු සුඛෝපභෝගී රථයේ සිටි ගුරුවරයා සොයා තවදුරටත් මෙහෙයුම්

0
31

මහියංගනය, මාපාකඩවැව 17 කණුව අසල දී වියානි ඇළට පෙරලුණු සුඛෝපභෝගී ජීප් රථයේ ගමන් කළ පුද්ගලයා සොයා මේ වනවිටත් මෙහෙයුම් ක්‍රියාත්මක වේ.

ඔලූවිල් නාවික හමුදා කදවුරේ නිළධාරීන් සහ පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් එක් ව සිටින බව පොලීසිය සඳහන් කරයි.

මීට අමතරව වියානා ඇලට ජල සැපයීම ද මේ වනවිට තාවකාලික ව අත්හිටුවා ඇති බව පොලීසිය පවසයි.

බදුල්ල, මහියංගනය මාර්ගයේ ධාවනය වෙමින් තිබූ අදාළ සුඛෝපභෝගී ජීප් රථය ඊයේ අලූයම වියානි ඇළට පෙරළී තිබූ අතර, පසුව එය ගොඩට ගනු ලැබී ය.

පසුව හෙළිවුණේ හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පදිංචි ප්‍රභාත් විතානගේ නමැති උපකාරක පන්ති පවත්වන ගුරුවරයෙකු විසින් එය පදවා ඇති බවයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here