ග්ලයිෆොසෙට් ගැසට් නිවේදනය රජයේ මුද්‍රණාලයට

0
5

තේ සහ රබර්වලට හැර අනෙකුත් භෝග සඳහා ග්ලයිෆොසේට් භාවිතය වැළැක්වීමේ ගැසට් නිවේදනය ඊයේ (16) රජයේ මුද්‍රණාලය වෙත යොමු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ කොළඹ පැවැති උත්සවයක් අතරතුර මාධ්‍යවේදීන් නැගූ ප්‍රරශ්නවලට පිළිතුරු ලබා දෙමින් ය.

දිවයින පුරා බලපවත්වන පරිදි පනවා තිබූ ග්ලයිෆොසෙට් තහනම ඉවත් කරමින් පසුගිය 11 වන දා පලිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා ගැසට් නිවේදනයක් නිකුත් කළ අතර, සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න කියා සිටියේ කැබිනට් තීන්දුවට පටහැනිව යමින් මෙවැනි ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට පලිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයාට හැකියාවක් නොමැති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here