”ඒ දේශපාලනඥයා මට කතා කරලා බැන්නා” – ගිහානි වීරසිංහ

0
121

”තරුණයන්ට කතා කරලා තියෙනවා”

”වීඩියෝ කෝල් පවා අරගෙන තියෙනවා”

”මානසික ලෙඩ්ඩුන්ගේ ක්‍රියාකාරකම්”

පසුගිය දවස්වල චෝගම් උත්සවයට ගිය ගිහානි වීරසිංහ කියන නිළියට බොහෝ දෙනා චෝදනා එල්ල කළා. ඒ වගේම ඇයගේ විලාසිතා නිසාත් ඇය කතාබහට ලක් වුණා. මේ දවස්වල ආයෙමත් ඇය ගැන කටකතා පැතිරෙන්න පටන් අරගෙන. ඇය ඇතැම් අයට යුතු යෝජනා කරනවා කියලා. නමුත් ඇය නම් කියන්නේ ඒ ඇය නෙමෙයි කියලයි. ඒ ගැන ගිහානි මේ විදිහට පුවත්පතකට තොරතුරු කියලා තිබෙනවා. ඒ පහත පරිදි ය.

ආයෝජන දූතිකාව කියලා මඩ ගහපු ගිහානිට ආයෙමත් ප්‍රශ්නයක් නේද?
ඔව්.

මොකක් ද මේ ඉමෝ ගිණුම ප්‍රශ්නය?
මේ පාර මගේ දුරකතන අංකයෙන් ව්‍යාජ ඉමෝ ගිණුමක් හදලා තියෙනවා. ඒ හරහා ප්‍රසිද්ධ පුද්ගලයන්ට දේශපාලනඥයන්ට, ආයෝජකයන්ට, නළු නිළියන්ට සහ ලාබාල තරුණයන්ට කතා කරලා තියෙනවා. එහෙම කරලා තියෙන්නේ මගේ නම සහ පින්තූර පාවිච්චි කරලා.

මේ නිසා ඔබ අපහසුතාවට පත් වුණාද?
මොකද එක්තරා දේශපාලනඥයෙක් සමග මගේ නමින් චැට් කර කර ඉඳලා මගේ දුරකතන අංකය හැක් කරපු විදිහට ඔහුගේ දුරකතන අංකයත් හැක් කරලා තියෙනවා. ප්‍රසිද්ධ දේශපාලනඥයෙක් කතා කරලා මට චෝදනා පවා කළා. ඔහු හිතුවේ මේක මගේ ක්‍රියාවක් කියලා. වීඩියෝ කෝල් පවා අරගෙන තියෙනවා. ඉතිං මගේ නම අවභාවිතා කිරීමක් කරලයි තියෙන්නේ.

ඇත්තටම ඔබ ඉමෝවල නැතිද?
කිසිම දුරකතන අංකයකින් මට මේ තාක් ඉමෝ ගිණුමක් තිබිලා නැහැ.

එක ප්‍රශ්නයක් ඉවරවෙන්න කලින් තවත් ප්‍රශ්නයක්
මේ ප්‍රශ්නත් නෙමෙයි. මම මේවා දකින්නේ කාන්තාවන් අපහසුතාවට පත් කරන්න සමාජ ජාලවල සැරිසරන මානසික ලෙඩ්ඩුන්ගේ ක්‍රියාකාරකම් විදිහට. ඉතිං අපි ඒවා නැවැත්විය යුතුයි. මගේ මේ ගිණුම හැක් කරන්න ප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යයක්ෂවරයෙකුගේ නමත් පාවිච්චි කරලා. මේකේ ඇත්ත නැත්ත මම දන්නේ නෑ.

මේ වැඩේ පිටිපස්සේ කවුරු ඉන්නවාද කියලා ද ඔබ හිතන්නේ ?
මට හිතාගන්න අමාරුයි. පැහැදිලි නිගමනයකට එන්න බැහැ. මේක කාගේ වැඩක් ද කියන්න මම දන්නේ නෑ.

මේ ප්‍රශ්නය විසඳන්න ගිහානි සී. අයි. ඩී. එකටත් ගියා කියන්නේ ?
මේ සිදුවීම සිද්ධ වුණ දවසට පසු දවසේ මම රහස් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. මේ ව්‍යාජ ගිණුම හරහා ගනුදෙනු කළ සියලුම දෙනාගේ තොරතුරු ලබා දුන්නා. ඔවුන් ඉක්නටම තොරතුරු සොයාගනීවි.

සයිබර් අවකාශයේ ගිහානිට එලවා එලවා පහරදෙනවා නේද?
සමහර වෙලාවට මම දැකලා තියෙනවා ලංකාවේ අපි මිනිස්සුම එකතුවෙලා චරිත නිර්මාණය කරනවා. ඒ චරිත වන්දනාමාන කරනවා. ඊට පසුව වන්දනාමාන කරපු චරිත මොකක් හරි සුළු වැරැද්දක් කරපුවහම නොකඩවා පහරදීලා ඒ චරිතය මරලා දානවා. ඉතිං තවත් වෙලාවකට චරිත ඝාතනය කරනවා. ඕක තමයි ස්වභාවය.

එතකොට ඔබ වට්ස්අප්, වයිබර්, ඉමෝවල නැහැ. එහෙමද?
ඔය කියන දුරකතන අංකයෙන්ම මම වට්ස්අප්වල ඉන්නවා. ඒක තමයි මගේ දුරකතන අංකය. මට තවත් දුරකතන අංකයක් තියෙනවා. කලාකරුවන් අතර තියෙන්නෙත් ඔය දුරකතන අංකයම තමයි. හැබැයි මේ අංකයෙන් කවදාවත් ඉමෝ ගිණුමක් තිබිලා නෑ. ඔය කියන ඉමෝ ගිණුමේ ඉන්නේ ව්‍යාජ පුද්ගලයෙක්.

මේ සිද්ධිය හරහා ඔබට අයුතු යෝජනා පවා ආවා කියන්නේ ඇත්තද?
මේ ව්‍යාජ ගිණුම හරහා මගේ නමින් ඉන්න කවුරු හරි කෙනෙක් ගොඩක් දෙනෙක්ට අයුතු යෝජනා කරලා තියෙනවා. මේක මගේ නම අවභාවිතා කිරීමක්. කාටහරි හිතන්න පුළුවන්නේ මම මේ වැඩේ කරනවා කියලා.

මේ ගැන හරියටම දැනගත්තේ ?
ප්‍රසිද්ධ දේශපාලන චරිතයකගේ ගිණුමක් හරහා කෝඩ් නම්බර් යවලා තියෙනවා. ඒ දේශපාලනඥයා මට කතා කරලා බැන්නා. මේ වැඩේ කළේ මම කියලා හිතුවා. මම අන්තිමේ තේරුම් කළහම මොකක් ද වෙලා තියෙන්නේ කියලා දැන ගත්තා.

පසුගිය දවස්වල ඔබට ආයෝජන දූතිකාව, ගණිකාව කියලත් පහත් විදිහට අන්තර්ජාලයේ පහර දුන්නා. අද වෙනකොට මොකද හිතෙන්නේ ?
රටේ ප්‍රසිද්ධ චරිත අලලා මට පහර දුන්නා. මම චෝගම් ගියේ රටේ බදු මුදල් හරහා කියලත් කිව්වා. මම තරම් අගතියට පත් වෙච්ච කෙනෙක් සමාජජාලවල තවත් නෑ. කාන්තාවකගේ ඇඳුමේ එල්ලිලා කරන මේ පහත් ක්‍රියාව ඉතාමත් අප්‍රසන්නයි.

මේ හින්දා ඔබ අඳින පළඳින විදිහ වෙනස් කළාද?
නැහැ. මම අඳින පළඳින විදිහ වෙනස් කරන්නේ නෑ. මම ඇත්තටම ඉන්සටග්‍රෑම්, ෆේස්බුක් හරහා සිදුකළේ මම අඳින පළඳින ක්‍රම ප්‍රදර්ශනය කිරීමක් නොවෙයි.

එහෙනම් ?
අපේ ලංකවේ මිනිස්සු නොදන්න සංකල්පයක් කියා දෙන්න.

මොකක් ද ඒ සංකල්පය?
බොඩි පොසිටිව් කියන සංකල්පය යටතේ ලෝකයේ රටවල සිටින කාන්තාවන් සරාගී පැෂන් යටතේ විලාසිතා කරනවා. ඒ එක්කම මහත කාන්තාවන් ධෛර්යමත් කරමින් බොඩි පොසිටිව් එක ගැන කතා කරමින් තමයි මේ විලාසිතා ක්‍රමය සිදුකරන්නේ. අන්න ඒ වගේ මතයක් ගෙනියන්නයි මම උත්සාහ කළේ. ඕකට තමයි පහර දුන්නේ. නමුත් කාන්තාවකගේ චරිතය ඇඳගෙන ඉන්න ඇඳුමින් මනිනවාට මම විරුද්ධයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here