කහ ඉර මතින් ගිය සිසුවිය වෑන් රියක ගැටී මියයයි

0
8

කිලිනොච්චිය, උමයාපුරම් ප්‍රථමික විද්‍යාලය අසල දී සිදූ රිය අනතුරකින් දැරියක් මියගොස් තිබේ.

අදාළ දැරිය පදික මාරුව හරහා ගමන් කරමින් සිටිය දි වෑන් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

අනතුරින් බරපතළ තුවාල ලැබූ දැරිය කිලිනොච්චිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරු ව මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ උමයාලපුරම්, පරන්තන් ප්‍රදේශයේ පදිංචිව සිටි 08 හැවිරිදි දැරියකි.

අනතුර සම්බන්ධයෙන් වෑන් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර කිලිනොච්චිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here