“වැටුපත් එපා, කුඩ්ඩන්ගෙන් රට බේරන්න මහළු කාන්තාවක් ඉදිරිපත් වෙයි

0
10

“වැටුපත් එපා, කුඩ්ඩන්ගෙන් රට බේරන්න නොමිලයේ අලුගෝසූවා වෙන්නම්” කුඩු මුදලාලීලා එල්ලා මරන්න මහලු මවක් පෙරට!

මත්ද්‍රව්‍ය  ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ලබා දීමට රජය තීරණය කළද තවමත් අලුගෝසු තනතුර පවතින්නේ පුරප්පාඩූවය. එම නිසා අලුගෝසු තනතුර සදහා පුද්ගලයන් බදවා ගන්නා තෙක් මරණ දඬුවම ලබා දීම ක්‍රියාත්මක නොවේ.

මේ අතර මත්කුඩු ජාවාරම්කරුවන් සඳහා මරණ දඬුවම ක්‍රියාත්මක කරන්නේ නම් වැටුපක්‌ නොමැතිව අලුගෝසු තනතුර ලබාගන්නට තමන් සූදානම් යෑයි හලාවත ආරච්චිකට්‌ටුවේ පදිංචි 71ක් හැවිරිදි කාන්තාවක් වන එල්. බී. කරුණාවති මාධ්‍යයට පවසනවා.

කෝටි ගණක්‌ වටිනා මත්කුඩු හා වෙනත් මත්ද්‍රව්‍ය මෙරටට ගෙන්වා රටේ අනාගත පරපුර විනාශ කරන මෙවැනි ජාවාරම්කරුවන් තරාතිරම නොබලා විනාශකර දැමිය යුතු බව පවසන ඇය ළමා අපයෝජනවලට සම්බන්ධ වූ වැරදිකරුවන්ටත් මරණ දණ්‌ඩනය ලබාදිය යුතු බව රජයෙන් ඉල්ලා සිටී.

ධර්ම ද්වීපයක්‌ව තිබූ මේ රට මරණදීපයක්‌ වීමට කිසිසේත් ඉඩ නොතැබිය යුතු බවද ඇය වැඩිදුරටත් සඳහන් කර සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here