ඥානසාර හිමිට එරෙහි නඩුවේ තීන්දුව ලබන 08 වැනි දා

0
4


අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා ලබා සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ලට අදාළ තීන්දුව ලබන මස 08 වන දා ප්‍රකාශ කරන බව අභියාචනාධිකරණය නියම කරයි.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ ශිරාන් ගුණරත්න යන විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.

ඉකුත් 2016 වසරේ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීම පිළිබඳ නඩුව හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේදී ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණයට අපහාසාත්මක අයුරින් හැසිරුණු බවට චෝදනා කරමින් එම අධිකරණයේ හිටපු මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

එම පැමිණිල්ලේ විභාගය අවසන් කළ අභියාචනාධිකරණය එහි තීන්දුව ලබන 08 වනදා ප්‍රකාශ කරන බව අ ද(18) නිවේදනය කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here