ගෝඨාභය අද පළමු වරට පොහොට්ටුවේ කාර්යාලයට

0
5

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ දේශපාලන කටයුත්තක් වෙනුවෙන් පළමු වරට අද (04) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ, බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි පක්ෂ කාර්යාලයට පැමිණෙන බව වාර්තා වේ.

ඒ, නිදහස් සන්ධානය නියෝජනය කළ පළාත් සභා නියෝජිතයින් පිරිසක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගැනීමේ අවස්ථාවකට එක්වීම සඳහා ය.

අද පෙරවරු 10.00ට එම උත්සවය පැවැත්වෙන අතර, ඒ සඳහා පොදුජන පෙරමුණේ සාමාජික, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ද සහභාගීවීමට නියමිතයි.

පසුගියදා කොළඹ පැවති මාධ්‍ය හමුවක දී පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට සිය පක්ෂ කාර්යාලයට පැමිණ දේශපාලන කටයුතුවල නිරතවන්නැයි ආරාධනාවක් සිදු කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here