රජයේ විධායක නිලධාරීන් අද ලෙඩවෙයි

0
4

හෙද සේවාවේ පවතින ගැටලු 06කට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලා අද (11) දින විරෝධතා පා ගමනක් සංවිධානය කර ඇති බව සමස්ථ ලංකා හෙද සංගමය පවසයි.

එහි ජාතික සංවිධායක එච්.එම්.එස්.ජී. මැදිවත්ත සඳහන් කළේ අද දහවල් 12.00ට කොළඹ ජාතික රෝහලේ සිට සෞඛ්‍ය අමාත්‍යංශය දක්වා අදාළ පාගමන සංවිධානය කර ඇති බව ය.
 
මේ අතර, වැටුප් විෂමතා ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් සේවාවන් 19කට අදාළ රජයේ විධායක නිළධාරීන්ගේ සංගම් සේවකයින් අද දින ලෙඩ නිවාඩු දමා සේවයට වාර්තා නොකරන බව රජයේ විධායක නිළධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව පැවසීය.

එහි ලේකම් එච්.ඒ.එල් උදයසිරි පැවසුවේ අද දින කොළඹ කොටුව ප්‍රදේශයේ දී විරෝධතාවක් ද සංවිධානය කර ඇති බවයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here