පාර්ලිමේන්තුවට ඔප්පුව ලබාදීම අද

0
8

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයේ නිල අයිතිය තහවුරු කෙරෙන හිමිකම් ඔප්පුව අද (20), ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක විසින් කථානායක කරූ ජයසූරියට පිළිගැන්වීමට නියමිතයි.

වසර 40ක් වන පාර්ලිමේන්තු ඉතිහාසයේ මේ දක්වා එහි අයිතිය ලබා දී තිබුණේ හිටපු ජනාධිපතිවරයෙකු වූ ජේ.ආර්. ජයවර්ධන විසින් ලබාදුන් සන්නස් පත්‍රයකින් ය.

මේ අතර අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබාගත් පාර්ලමේන්තු මන්ත්‍රීවරුන් කෝප් කමිටුව නියෝජය කරන්නේ නම් ඉන් ඉවත් කළ යුතු බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ ඊයේ (19)පාර්ලිමේන්තුවේ දී ඉල්ලා සිටියේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here