ලොව දිගම සාරිපොට ඔසවාගෙන ගිනස් පොතට යන්න හදන අපේ රටේ මනාළිය, දැන් කියන කතාව

0
7149

පසුගිය දිනවල සියල්ලන්ගේම අවධනාය දිනා ගනිමින් ගිනස් පොතට ගිය මනාළ යුවළ ගැන විවිධ අය විවිධ අදහස් පළ කර සිටියා.

මේ සම්බන්ධයෙන්  බොහෝ දෙනාගේ සිය විරෝධය දක්වා සිටියේ මේ සඳහා පාසලි දරුවන් සහභාගී කරවා ගැනීම සුදුසු ක්‍රියාවක් නොවන බව පවසමිනි. කෙසේ වෙතත් මනාළ යුවල ඔවුන්ට එළවන චෝදනාවන්ට පිළිතුරු දෙමින්  මාධ්‍ය වෙත අදහස් දක්වා තිබුණා. එහිදී මනාළිය වූ සජිනි සුරවිර විසින් මෙසේ පවසා සිටියා

අපි තීරණය කළේ දිගම සාරි පොට සම්බන්ධයෙන් ගිනිස් වාර්තාවක් තබන්න මිසක් පාසල් දරුවන් අපහසුතාවයට පත් කරන්න නෙමෙයි.

ඇය මාධ්‍ය වෙත කියා සිටියේ මංගල දිනයේදී පාසල් නිල ඇදුමින් සැරසි මෙම සාරි පොට අල්ලා සිටිම වැරදි යැයි තදබල වරදක් වේවි යැයි තමා නොසිතු බවයි.

රටේ නම ඉදිරියට යාමේ අරමුණ සහ ගිනස් වාර්තාවට එය එක්කිරීමට දරුවන් කිහිප දෙනෙකු යොදා ගැනීම වරදක් වශයෙන් සමාජ ජාලවලට පෙනුනාට එහිදී කිසිදු දරුවෙකු අපහසුතාවයට පත්වන අයුරින් කටයුතු නොකල බවයි ඇය කියා සිටියේ.

එමෙන්ම ඇය වැඩිදුරටත් පවසා ඇත්තේ ඇයගේ මංගල උත්සවයේ දී දරුවන් සම්බන්ධ කිරීම තමාව හැඩගැන්වු ශිල්පිනිය හා සාරිය හැඩ කළ ශිල්පියා විසින් සිදු කළ කාර්යක් බවයි.

එසේම එම දරුවන් පිරිසට අවශ්‍ය වන ආහාර පාන නිතරම ලබා දීම සිදු කළ බව ද ඇය පැවසුවාය.

අව්වේ තියා ගනිමින් ඔවුන්ව අපහසුතාවයට පත් නොකළ බවත් සමාජජාල මගීන් මෙය ඉතා අනවශ්‍ය වශයෙන් පෙන්නුම් කර ඇති බවද ඇය සදහන් කර සිටියා.

උපුටා ගැනීම Tharunaya

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here