H1NI දැඩි ලෙස පැතිර ඇත්තේ මාධ්‍යයේ – රාජිත

0
52

H1NI වෛරසය රට තුල විශාල මට්ටමකින් පැතිර යාමේ අවදානමක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න අද (05) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කියා තිබේ..

සිය අමාත්‍යංශයේ වාර්තා දත්ත තොරතුරු අනුව, H1NI වෛරසය දැඩි ලෙස පැතිරීමක් සිදුව නොමැති බව  හා මෙය වෛරස් උණකට සමාන අසනීපයක් බව පෙන්වා දී ඇත.

කුඩා දරුවන්ට, ගර්භණී මාතාවන්ට හා වකුගඩු රෝගීන්ට H1NI වෛරස් උණනෙන් ප්‍රවේසම් වෙන ලෙසත් ඇමැතිවරයා ප්‍රකාශ කොට ඇත.

එමෙන්u  H1NI වයිරසය පැතිර යාම සැළකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවේ සංචාරය නොකරන ලෙස කටාර් රාජ්‍යය එරට පුරවැසියන්ට දැනුම් දීම පිළිබඳව මාධ්‍යවේදීන් ප්‍රශ්න කළවිට ඊට පිළිතුරු දුන් සෞඛ්‍ය ඇමතිවරයා ‘වැරදි මාධ්‍ය වාර්තා පදනම් කර ගනිමින්’ ඔවුන් එසේ ප්‍රකාශ නිකුත් කර ඇති බව කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here