(UPDATE) කතුරකින් ඇන ප්‍රියානි ජයසිංහව ඝාතනය කර ඇති බවට හෙළිවෙයි

0
126

ගායන ශිල්පිනියකවන ප්‍රියානි ජයසිංහ කතුරකින් ඇන ඝාතනය කර ඇති බව අනාවරණය වී තිබේ.

පානදුර – කුඩාඅරුක්ගොඩ ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි ඇය ඊයේ (08) රාත්‍රි 08.45 ට පමණ සැමියා විසින් ඝාතනය කොට ඇති බවට මූලික පරීක්ෂණවල දී හෙළි වී ඇත.

ස්වාමි පුරුෂයා මේ වනවිට ප්‍රදේශය අතහැර පළාගොස් ඇති අතර, දෙදෙනා අතර වසරක පමණ කාලයක සිට නිතර නිතර ගැටුම් ඇතිව තිබෙන බවට අනාවරණ වී තිබේ.

පලාගිය ස්වාමිපුරුෂයා සොයා මේ වනවිට පරීක්ෂණ ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය  ප්‍රකාශක කාර්යාලය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here