පඹයකු යොදවා එල්ලුම් ගහ අත්හදා බලයි

0
10

එල්ලුම් ගහ ක්‍රියාත්මක කිරීමට පෙර එහි ක්‍රියාකාරී තත්ත්වය සොයා බැලීම සඳහා පඹයකු (ඩමියක්‌) යොදවා අත්හදා බැලීමක්‌ කරන බව බන්ධනාගාර කොමසාරිස්‌ ජනරාල් නිශාන් ධනසිංහ පවසයි.

එල්ලුම් ගහ දැනටමත් අලුත්වැඩියා කර ඇති බව පැවසූ ඔහු අලුගෝසුවකු බඳවා ගැනීමෙන් පසු එල්ලුම් ගහේ පාලන කටයුතු ඔහුට පවරන බව ද කියා සිටියේ ය.

මනුෂ්‍යයකුගේ බරට සමාන බරින් යුත් පඹයකු යොදාගෙන එල්ලුම් ගහේ ක්‍රියාකාරීත්වය පිළිබඳ අත්හදාබැලීමේ කටයුත්ත ඉදිරි දින කීපයේ දී සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.

මේ අතර අලුගෝසු තනතුර සඳහා කාන්තාවන් බඳවා ගැනීමේ ක්‍රමවේදයක්‌ නොමැති බවද හෙතෙම වැඩිදුරටත් පැවසී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here