පළාත් කිහිපයකට තද වැසි

0
8

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලට වැසි සහිත කාලගුණයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

එසේම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට ද එලෙස වැසි තත්ත්වයක් පැවතිය හැකි බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මේ අතර පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වාවන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර 50ත් 55ත් දක්වා ඉහළ යා හැකි බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here