ශ්‍රිදේවී භාරගෙන තිබූ චරිතයකට මධුරිව තෝරා ගැනීම ගැන ඇගේ වැඩිමහල් දියණිය ජාන්වී කියන කතාව

0
827

ශ්‍රී දේවිගේ හදිසි වියෝව ඇගේ පවුලේ සමීපතමයන්ට මෙන්ම චිත්‍රපට කර්මාන්තයටද දැඩි බලපෑමක් එල්ල කරන කරුණක් බවට පත්ව තිබෙනවා.

ඇය විසින් ඉදිරියේදී රංගන දායකත්වය ලබාදීමට එකඟතාව පළ කර තිබූ නව චිත්‍රපටයක් සඳහා මධුරිව යොදා ගැනීමට අදාළ සිනමාපටයේ නිශ්පාදකවරුන් විසින් කටයුතු කර ඇති බව වාර්තා වෙනවා.

ඒ අභිෂේක් වර්මාගේ චිත්‍රපටයක් සඳහාය.

කෙසේ වෙතත් ශ්‍රී දේවිගේ චරිතයට මධුරි යොදා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී දේවිගේ වැඩිමහල් දියණිය ජාන්වි විසින් සිය Instagram පිටුවේ සටහනක්ච තබා තිබුනා.

එහිදී ඇය පවසා තිබුණේ මෙලෙසින්…

  “අභිෂේක් වර්මන්ගේ මීලඟ චිත්‍රපටය අම්මාගේ හදවතට ගොඩක් සමීපව තිබුණා ….තාත්තා, කූෂි සහ මම මධුරිජිට ස්තුතිවන්ත වෙනවා මේ සුන්දර චිත්‍රපටයේ කොටසක් වුණ එකට”

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here