කෝටි 09ක් වැය කර Bentley Continental GT අති සුඛෝපභෝගී මෝටර රථයක් ගත් ක්‍රීඩකයා මෙන්න

0
392

ලොව අංක එකේ පිතිකරුවකු මෙන්ම ඉන්දීය ක්‍රිකට් නායකයාවන විරාත් කෝලි සිය සුපිරි මෝටර් රථ ගොන්න අතරට ජර්මනියේ නිෂ්පාදිත Bentley Continental GT වර්ගයේ අති සුඛෝපභෝගී මෝටර රථයක් මිල දී ගෙන තිබේ.

ඒ අනුව අවුඩි මෝටර් රථ 05කින් සමන්විත කෝලිගේ මෝටර් රථ එකතුවට සීමිත නිෂ්පාදන ගණනක් සිදු කළ මෝටර් රථ ද ඇතුළත් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඔහුගේ මෝටර් රථ ගොන්නට ඇතුළත් මෝටර් රථවන්නේ Audi R8 LMX Limited Edition, Audi R8 V10, Audi A8L W12 Quattro, Audi S6, Audi Q7 4.2 TDI, Toyota Fortuner and a Renault Duster.

කෝලි ඔහුගේ අලුත්ම Bentley Continental GT මෝටර් රථයෙන් ඔහු නවදිල්ලි නුවර ගමන් කරන අයුරු ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. ඉන් අනතුරු ව කෝලි Bentley Continental GT මිල දී ඇති බවට පළ වූ කට කතා සනාථ වී ඇත.

කෝලිගේ සහෝදරයාවන විකාෂ් කෝලිගේ නමට මිල දී ගෙන ඇති මේ මෝටර් රථයේ වර්තමාන වෙළෙඳපොල මිල රුපියල් කොටි 8.6 සිට 9.2 දක්වාවන බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here