“තිබුණු කේන්තියට එයාගේ බෙල්ලටයි, බඩටයි, පපුවටයි ඔළුවටයි ඇන්නා” – ගායිකා ප්‍රියානිගේ සැමියාගේ පාපෝච්ඡාරණය මෙන්න

0
109

“මගේ බිරිඳ ගැන මට ලොකු සැකයක් තිබුණා”

”දවස් 4 – 5 ගමන් ගිහින් එනවා..”

“මම තීරණය කළා එයා මරන්න”

”කතුරක එක කොටසක් හොඳට මුවහත් කළා..”

ජනප්‍රිය ගායන ශිල්පිනී ප්‍රියානි ජයසිංහගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවටට ගත් ඇගේ සැමියා පානදුර ප්‍රධාන මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 23 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

එලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ ප්‍රභාත් රසික ඊටන් නමැති 52 හැවිරිදි ඇයගේ ස්වාමි පුරුෂයා ය.

ගායන ශිල්පිනී ප්‍රියානි ජයසිංහ ඝාතනය කිරීමෙන් පසු පලාගිය සැකකාර සැමියා ඉකුත් 09 වැකනි දා පානදුර වලාන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනීමෙන් පසු පැය කීපයක් දීර්ඝ වශයෙන් ප්‍රශ්න කළ බව පානදුර දකුණ මූලස්ථාන පොලිසියේ ජ්‍යෝෂ්ඨ නිලධාරියෙක් පවසයි.

සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේ දී මෙලෙස පාපොච්චාරණය කළ බව පොලිසිය පවසයි.

ඔහුගේ පාපොච්චාරණය පහතින්….

“මට වයිෆ් ගැන සැකයක් තිබුණා. බොහෝ වෙලාවට එයා මම කියන කිසි දෙයක් අහන්නෙ නැති ගතියක් තිබුණා. සමහර වෙලාවට එයා අනුරාධපුරයේ ගියාම දවස් 4-5 ගත කරලා එනවා. එයාගේ හෑන්ඩ්ෆෝන් එකට ගත්තම ප්‍රතිචාර දක්වන්නේ නැහැ. මෙන්න මේ නිසා මට එයා ගැන ලොකු සැකයක් තිබුණා. එයා මට අධිකරණයේ නඩුවක් පැවරුවා.

පස්සෙ අධිකරණයෙන් මට ගෙදර යන එක තහනම් කළා. ඒ තහනම ගිය මාසේ අවසන් වුණා. පස්සෙ මම ගෙදර ගියා. අපි සාමදානයෙන් ජීවත්වෙමු කියලා මම එයාට කිව්වා. ඒ ඉන්න කොට මට ආයෙමත් එයා ගැන සැකයක් ආවා. එයාගේ හැසිරීම මට ඇල්ලුවේ නැහැ. එයා හෑන්ඩ් ෆෝන් එකේමයි කොයි වෙලේත් හිටියේ. මම කතා කළත් ගණන් ගන්නේ නැහැ.

පසුව මම තීරණය කළා එයා මරන්න. කතුරක එක කොටසක් හොඳට මුවහත් කළා. ඒක හංගාගෙන හිටියා. ජූලි 08 වැනි දා ඉරිදා රෑ 08.00 ට විතර පුතා ගෙදර සිටියේ නෑ. ලේලි සාලේ හිටියා. මම පුදුම කේන්තියකින් හිටියේ. මම එයා හිටිය කාමරයට ගියා. තිබුණ කෝපයට මම එයාගේ බෙල්ලටයි බඩටයි පපුවටයි ඔළුවටයි ඇන්නා. මට මොනවා වුණාද දන්නේ නෑ. එයා කෑගැහුවා. මම එතනින් පැනලා දිව්වා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here