අද කාලගුණය මෙන්න

0
16

බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වල මෙන්ම අනුරාධපුර සහ වව්නියාව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට අද (02) පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කොළඹ සිට ගාල්ල සහ හම්බන්තොට හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර එම අවස්ථාවල දී තාවකාලිකව පැයට කිලෝමීටර් 70ත් 80ත් අතර තද සුළං ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here