”සමහර වෙලාවට නයනා තමන්ට නුසුදුසු අය ඇසුරු කරනවා” – ගයත්‍රි ඩයස් නයනා කුමාරි ගැන කියන කතාව මෙන්න

0
133

”ෂෝ එක නවත්වන්න බැරි නිසා ෂෝ එක කළා”

”අපි එල්ලි එල්ලි රණ්ඩු වුණේ නැහැ”

“නරක කෙනකුට කොහෙත් නරක නාමෙ තමයි”

“මගේ ළඟින් ඉන්න හිත හොඳම කෙනා එයා තමයි..”

ගයත්‍රි ඩයස්. මේ නම ඇහුවත් රූපය දැක්කත් මේ කවුද මොනවාද කරන්නේ කියලා හැමෝම දන්නවා. විවිධ නිර්මාණ එක්ක එකතු වෙන ගයත්‍රි අතිශය ජනප්‍රිය නිලියක් වගේම ආදරණිය දියණියන් දෙදෙනෙකුගේ අම්මා කෙනෙක්. මේ ඇය ගැන පුවත්පතක සඳහන් වූ ලිපියක්.

මේ දවස්වල මොනවද කරන්නේ…
මගේ සැලොන් එකේ වැඩකටයුතු කරගෙන යනවා. නුගේගොඩ සැලුන් එක අලුතින් නැවත විවෘත කරන්න සියල්ලම සූදානම්. නයනා කුමාරියි මමයි අලුත් වැඩක් කරන්න ඉන්නේ. ඒ මනාලියන් හැඩගැන්වීමේ වැඩමුළුවක්.

දුවලා දෙන්නා එහෙම…
ලොකු දුව මලීෂා I. T. පැත්තෙන් ඉදිරියට යන්නේ. චූටි කාලේ චන්නගේ ටෙලිනාට්‍යක රඟපෑවා. ඇය ගායනයටත් දක්ෂයි. පොඩි දුව දුවාෂා. චිත්‍රපටයක රඟපෑවා. තාම පාසල් යනවා.

නයනා කුමාරිව කොහොමද මුලින් හඳුනාගත්තේ…
එරංග සේනාරත්නගේ ඩ්‍රාමා එකේ දි ඇයව මුලින්ම හමුවුණේ. සෑහෙන කාලෙක ඉඳන් ඇයව මා හඳුනනවා.

නයනගේ ඔයා දකින හොඳ ගතිගුණ මොනවද?
නයනා හොඳ හදවතක් තියන කෙනෙක්. මම ඒක හොඳටම දන්නවා. ඇගේ හිත හුඟාක් හොඳයි. ඇය හැම දෙනාම එක්ක මිතුරුකම් පවත්වන්නෙ නැහැ. හැබැයි කාට හරි හිතවත් වුණොත් පණවුණත් දෙනවා. මගේ ළඟින් ඉන්න හිත හොඳ මිතුරියක්.

නයනා කොයිවගේ කෙනෙක් ද?
අපි දෙන්නාම එක වගේ. රඟපෑමයි, ව්‍යාපාර කටයුතුයි, ගෙදර වැඩයි එකට ම සිදුකරන දෙදෙනෙක්. අපි පවුල් පරිසරයත් රැකගෙන ධෛර්යයෙන් කටයුතු කරන දෙදෙනෙක්. නයනා මම වගේ. මම ඇය වගේ. ඇය සැලසුමකට අනුව ජීවත් වෙන කෙනෙක්.

නයනගේ ඔයා දකින අඩුපාඩු එහෙම නැද්ද?
සමහර වෙලාවට ඇය තමන්ට නුසුදුසු අය ඇසුරු කරනවා යාළුවෝ කියලා හිතාගෙන. ඒ තුළින් ගැටුම් ඇතිවෙන්න පුළුවන්.

පහුගිය දවස්වල අමනාපෙන් හිටිය කතාව ඇත්තක් ද?
ෂෝ එකක දී පොඩි හිත් අමනාපයක් වුණා. ඒ නිසා පහුගිය දවස්වල ප්‍රශ්න ඇතිවුණා. ඒ නිසා අපි දෙන්නා රණ්ඩු නොවුණත් එකට සම්බන්ධ නොවී සිටියා. මට ෂෝ එක නවත්වන්න බැරි නිසා ෂෝ එක කළා. ඒත් අපි එල්ලි එල්ලි රණ්ඩු වුණේ නැහැ. ලොකුවට කේන්ති ගත්තෙත් නෑ. පස්සෙ ආයේ යාළුවෝ වුණා.

නයනගේ විවාහ ජීවිතය…
රංගන කටයුතු වගේම ව්‍යාපාරික කටයුතුත්, විවාහ ජීවිතයත් ඇය සමබරව ගෙනියනවා. ඇය හොඳ විවාහ ජීවිතයක් ගත කරන කෙනෙක්.

ඇය දෛවය විශ්වාස කරන කෙනෙක් ද?
එයා හොඳින් බෞද්ධාගම විශ්වාස කරන, අදහන කෙනෙක්. ඇගේ විවාහයත් පන්සලේ තමයි සිදු කළේ. මමත් බෞද්ධාගම විශ්වාස කරනවා. හඳහන විශ්වාස කළත් හඳහන කරේ තියා ගන්නෙ නෑ.

ඇගේ අනාගතය ඔබ දකින්නේ?
ඇය සැපේදි විතරක් නෙමෙයි දුකේදිත් සිටින හොඳම මිතුරියක්. ඇය යහපත් බිරියක් හොඳ මවක්. දක්ෂ නිළියක්. ඇගේ අනාගතය යහපත් එකක් වේවි.

ඔබේ හෙට දවස කොහොම වේවිද?
රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ මගේ කටයුතු සාර්ථකව කරගෙන දරුවන් දෙදෙනාට හොඳ මවක් වෙලා කලා ලොවෙත් ඉදිරියට යාම. කොහොමත් අද දවසේ කටයුතු සාර්ථකව කරගෙන යනවා. ලොකු දේවල් ගැන ලොකු බලාපොරොත්තු මට නැහැ. සරලකම තමයි වඩා වැදගත් වෙන්නේ.

නයනගේ ඇඳුම් පැලඳුම් ඔබ දකින්නේ කොහොමද?
නයනා එයාගේ ඇඟට ගැළපෙන විලාසිතා කරනවා. ඇගේ පෞරුෂය රැකගෙන විවිධ ඇඳුම් හැඩට අඳිනවා.

ගයත්‍රි හිතන්නේ ගැහැනියකට නිළියක් වීම සාර්ථක විවාහයට බාධාවක් ද?
කාන්තාව හොඳ නම් රඟපෑවට ප්‍රශ්නයක් නැහැ. එක එක කාන්තාවන්ගේ චරිත මත තමයි හොඳ නරක රඳා පවතින්නේ. හොඳ කාන්තාවකට කොතැනත් හොඳට ඉන්න පුළුවන්. නරක කෙනකුට කොහෙත් නරක නාමෙ තමයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here