ලෝකයේ මිල වැඩිම ඔැලෝසු (PHOTOS)

0
106

කාලය නම් කොච්චර වටිනවද කියලා අපි නිකමට හරි හිතලා තියෙනවනේ හැබැයි ඔබ කවදා හරි කල්පනා කරලා තියෙනවද ලෝකයේ වඩාත් වටින මිල අධිකම ඔරලෝසු මොනවාද? කියලා. ඉහළ දියමන්ති හා මැණික් වැනි දේවල් අන්තර්ගත නිසා තමයි ඔරලෝසුත් මෙච්ර ගණන් උස්සලා තියෙන්නේ.එමෙන්ම මෙම ඔරලෝසු සංකීර්ණ යාන්ත්‍රණයකින් යුක්ත වෙනවා. මේ කියන්නේ ලෝකයේ මිල අධිකම ඔරලෝසු 10 ගැන.

  1. Chopard 210 Karat – $ 26 million

    මෙහි වර්ණ දියමන්ති කරට් 201ක ප්‍රමාණයක් යොදවා ඇත. මෙය බ්‍රේස්ලට් හැඩයෙන් නිර්මාණය කර ඇති අතර ස්වර්ණාභරණ චමත්කාරයකින් යුක්ත වේ.

    මෙම අත් ඔරලෝසුව සරල මෙන්ම ඉතාමත් අලංකාර බවක් පෙන්නුම් කරයිකරන අතර කාන්තවන් සඳහා නිශ්පාදනය වී ඇත.

  2. Patek Philippe Super Complication – $ 11 million

    1933 දී බැංකු කරුවෙකු වූ Henry Graves Jr. සඳහා Patek Philippe විසින්  කැරට් 18ක් යොදා පොකට් ඔරලෝසුවක් ලෙස මෙය නිර්මාණය කර ඇත.

    මෙම ඔරලෝසුවේ සැලසුම නිර්මාණය කිරීම සඳහා වසර 5ක් ගත වී ඇත.

    මෙය ලොව වඩාත්ම මිල අධික ඔරලෝසු අතර දෙවන ස්ථානයේ පසුවේ.

  3. Patek Philippw Platinum World Time- $ 4 million

Patek Philippe විසින් නිර්මාණය කරන ලද ප්ලැටිනම් ලෝක වේලාව 2002 දී ලොව පුරා ඩොලර් මිලියන 4 කට වෙන්දේසියක දී අලෙවි කරන ලදී.

එවකට, මෙය ලෝකයේ වඩාත් මිල අධික ඔරලෝසු විය.

මෙම ඔරලෝසු මඟින්  සුළං ප්රවාහයන් සහ ඔබට ලෝකයේ ඕනෑම තැනක සිට කාලය සොයා ගැනීමට හැකියාව පවතී.

මෙම ඔරලෝසුව සුදු, කහ, වර්ණයෙන් යුක්ත වේ.

4. Vacheron Constatin Tour De I’lle-$ 1.5 million

මෙයද ස්විස් නිශ්පාදනයක් වන අතර Vacheron Constantin විසින් නිශ්පාදිතය.

එය නිෂ්පාදකයාගේ 25වන සංවත්සරය සැමරීම සඳහා 2005 දී නිකුත් කර ඇත.

මෙය කැරට් 18 රත්රං වලින් නිමවා ඇති අතර නිල් මැණික් හා පරාවර්ථනය නොවන වීදුරු යොදා ගෙන ඇත.

5. Patek Pholippe Sky  Moon Tourbillon- $ 1.3 million

මෙහි එක් පසෙක රාත්‍රී අහස දිස්වෙයි අනෙක් පස දිනය දිස් වෙයි.

රත්තරං මිශ්‍රව නිර්මාණය කර ඇති මෙය ඉතා අලංකාර පෙනුමකින් යුක්ත වේ.

6. Chopard Super Ice Cube .$1.1 million

මෙය ස්විස් ඔරලෝසුවකි.

මෙහි දියමන්ති කැරටිස් 60ක් පමණ පූර්ණ වශයෙන් ඔබ්බවා ඇත.

මැණික්වලින්  බ්‍රේස්ලටි හැඩයෙන්ජ නිර්මිත මෙ වතුර අඩි 100 යටදී වුව ඔරොත්තු දීමට හා සිරීම්වලටද ඔරොත්තු දෙයි.

මෙය කාන්තා අත් ඔරලෝසුවකි.

7. Hublot Black Cavira Bang – $1 million

මෙය  2009  වර්ෂයේදී වෙළඳපොළට එක් කර ඇත.

දියමන්ති 501 ක් ඔබ්බවා කැරට් 18 සුදු රත්තරංවලින් ආවරණය කොට ඇත.

මෙය ද ඉතා ආකර්ශනීය අත් ඔරලෝසුවකි.ලොව වඩාත් මිල අධිකව අලෙවි වන මෙය මනා පෙනුමකින් යුක්තවේ.

8. Moinet Magistralis -$ 860,000

මෙහි ඉතාමත් ප්‍රතාපවත් පෙනුමක් ඇත.

එමෙන්ම ඉතාමත්  ආකර්ශනීය පෙනුමක් ඇත.

9. Balancpain 1735 Grande Complication -$ 80

මෙය අතේ පළඳින ඔරලෝසුවකි.

මෙහි ආවරණය ප්ලැටිනම්වලින් නිර්මාණය කර ඇති අතර ඔරලෝසු පටිය කිඹුල් සමින් සදා ඇත.

එන්ජිම කොටස කැබලි 740ක් යොදවා නිමවා ඇත.

මෙය මෙතෙක් ලෝකයේ නිශ්පාදනය වූ මිල අධිකම අත් ඔරලෝසුවකි.

10. Brequet Pocket Watch 1970 BA/12- $ 734,000

මෙය කැරට් 18 රත්තරංවලින් සෑදූ ඉතා ආකර්ශනීය පෙනුමකින් යුතු කැටයම් සහිත පොකට් ඔරලෝසුවකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here