ග්ලයිෆොසෙට් වල් නාශක යළි ගෙන්වීමට ගන්නා උත්සහය වැළැක්‌වීමට කළ හැකි උපරිම දේ කරනවා – රතන හිමි

0
53


ග්ලයිෆොසෙට්‌ නැතිව වී ගොවිතැන කරන්න පුළුවන්

තේ කර්මාන්තය ඕනෙත් නෑ

මෙරට තුළ සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති ග්ලයිෆොසෙට් කෘෂි රසායන තේ වගාවන්ට යොදා ගැනීම සඳහා ඉදිරියේ දී කැබිනට් පත්‍රිකාවක් නිකුත් කිරීමට නියමිත බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි පවසයි.
උන්වහන්සේ මේ බව සඳහන් කළේ ඊයේ (19) කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
තේ කර්මාන්තයට මුවා වී මේ වනවිට තහනමට ලක්‌කර ඇති ග්ලයිෆොසෙට්‌ වල් නාශක යළි ගෙන්වීමට ගන්නා උත්සහය වැළැක්‌වීමට කළ හැකි උපරිම දේ සිදු කරන බව උන්වහන්සේ පැවසූහ.
මහා පරිමාණ තේ කර්මාන්තකරුවන් සඳහා පමණක්‌ ග්ලයිෆොසෙට්‌ පොහොර ආනයනය කිරීමට වැවිලි කර්මාන්ත අමාත්‍යංශය කැබිනට්‌ පත්‍රිකාවක්‌ ඉදිරිපත් කිරීමට සූදානම්වන බවත් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා අගමැතිවරයා ඊට ඉඩ නොදෙන බව විශ්වාස බවත් රතන හිමියෝ පැවසූහ.
ග්ලයිෆොසෙට්‌ නොමැතිව වී ගොවිතැන සිදුකළ හැකි බව අද තහවුරු වී තිබෙන බව ද තේ කර්මාන්තයට ද මෙම වල් නාශක අවශ්‍ය නොවන බව ද පැවසූ උන්වහන්සේ මෙම පොහොර ගෙන්වීමේ පිටුපස පොහොර සමාගම් හා බලවතුන් සිටින බව කීහ.
තේ කර්මාන්තය තුළ මහ පරිමාණ තේ වතු හිමිකරුවන් සිටිනුයේ සියයට 40 ක්‌ බව ද එයින් ලැබෙන ආදායම 25% ක්‌ බවද කී රතන හිමියෝ 60% ක්‌ වන කුඩා තේ කර්මාන්තකරුවන් වැඩි ආදායමක්‌ රටට ලබා දෙන බවත් සඳහන් කළහ.
මහ වතු සමාගම්වලට තේ කර්මාන්තය නිවැරැදිව කරගෙන යා නොහැකි නම් යළි ඒවා නිවැරැදි පාලනයකට හෝ කළමනාකරණයකට යටත් කළ යුතු බවද රතන හිමියෝ පැවසූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here