ICC චැම්පියන්ස්හි ක‍්‍රිකට් විස්තර විචාරයට කුමාර් සංගක්කාර

0
58

එළඹෙන ජූනි මාසයේ එංගලන්තයේ දී ආරම්භවන අයි.සී.සී. චැම්පියන්ස් කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ දී ක‍්‍රිකට් විස්තර විචාරයක් සඳහා ශ‍්‍රී ලංකා සුපිරි පිතිකරු කුමාර් සංගක්කාරට සහභාගීවීමට අවස්ථාව උදා වී තිබේ.
එම තරගාවලියේ දී ක‍්‍රිකට් විස්තර විචාරයට එක්වන ක‍්‍රීඩකයින් 15 දෙනෙකු අන්තර් ජාතික ක‍්‍රිකට් කවුන්සිලය විසින් ප‍්‍රකාශයට පත්කර ඇත.
කුමාර් සංගක්කාර ක‍්‍රිකට් විස්තර විචාරයක් සඳහා එක්වන පළමු අවස්ථාව මෙය වේ.
ඕස්ටේ‍්‍රලියාවේ රිකී පොන්ටින්, නවසීලන්තයේ බ්‍රෙන්ඩම් මැකලම්, දකුණු අප‍්‍රිකාවේ ග‍්‍රැහැම් ස්මිත් ද මෙවර චැම්පියන්ස් කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ දී පළමු වරට ක‍්‍රිකට් විස්තර විචාරයට එක් වේ.
තමන් ජාත්‍යන්තර ක‍්‍රිකට් දිවියෙන් සමුගත්ත ද චැම්පියන්ස් කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ කොටස්කරුවෙකු වශයෙන් එක්වීමට ලැබීම සතුටට කරුණක් බව කුමාර් සංගක්කාර පවසයි.
සංගක්කාර මේ වනවිට එම තරගාවලියේ සන්නාම තානාපතිවරයෙකු ලෙස ද නම්කර තිබේ.
සති 03ක් පුරා පැවැත්වෙන මෙම තරගාවලිය ක‍්‍රීඩාලෝලීන් ප‍්‍රමෝදයට පත් කරන තරගාවලියක්වනු ඇති බව කුමාර් සංගක්කාර පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here