ශූරයන්ගේ කුසලානයේ ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

0
94


එළඹෙන ජූනි මාසයේ එංගලන්තයේ දී ආරම්භවන ශූරයින්ගේ කුසලාන ක‍්‍රිකට් තරගාවලිය සඳහා තරග වදින ක්‍රිඩකයන්ගේ නම් ලැයිස්තුව ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ අනුව ඇනජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් උපුල් තරංග උප නායකත්වය දරනු ලබයි.
නිරෝෂන් දික්වැල්ල, කුසල් ජනිත් පෙරේරා, කුසල් මෙන්ඩිස්, චාමර කපුගෙදර, අසේල ගුණරත්න, දිනේෂ් චන්දිමාල්, ලසිත් මාලිංග, සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප්, නුවන් කුලසේකර, තිසර පෙරේරා, ලක්ෂාන් සඳකැන් සහ සීක්කුගේ ප්‍රසන්න එම සංචිතයට ඇතුළත් තරගකරුවන් වේ.
හදිසි අවස්ථාවක් සඳහා සූදානමින් සිටින තරගකරුවන් ලෙස දිල්රුවන් පෙරේරා සහ ධනුෂ්ක ගුණතිලක නම් කර තිබේ.
විකුම් සංජය, ලහිරු කුමාර, සචිත පතිරණ, මිලින්ද සිරිවර්ධන සහ අකිල ධනංජය ශූරයින්ගේ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ පුහුණුවීම්වලට එක් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ දැක් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here