”මහින්ද තීරණයක්‌ දුන්නොත් රට වෙනුවෙන් මං තීරණයක්‌ ගන්නවා” – ගෝඨාභය රාජපක්ෂ

0
14

එළැඹෙන ජනාධිපතිවරණයේ දී ඒකාබද්ධ විපක්ෂයෙන් තරග කරන අපේක්‌ෂකයා කව්දැයි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා තීරණය කරනු ඇතැයි හිටපු ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසයි.

ඔහු ඒ බව පැවසූවේ ඇඹිලිපිටිය, ගොඩකවෙල ප්‍රදේශයේ උත්සවයකට සහභාගි වී පිටතට පැමිණි අවස්‌ථාවේ මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ය.

හෙතෙම මෙසේ ද කීය.”ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න තාම මගේ අදහසක්‌ නැහැ. ජනාධිපතිවරණයේ දී ඒකාබද්ධ විපක්‍ෂයෙන් තරග කරන අපේක්‌ෂකයා කව්ද කියලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහත්මයා තීරණය කරාවි. මහින්ද රාජපක්‍ෂ මහත්මයා මට තීරණයක්‌ දුන්නොත් මම රට වෙනුවෙන් තීරණයක්‌ ගන්නවා. අපි බොහොම සමාදානයෙන් ජීවත්වෙන පවුලක්‌.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here