ආනයනික පොහොර පරීක්ෂා කෙරේ

0
8

මේ වනවිට උද්ගත වී ඇති පොහොර හිඟයට පිළියම් ලෙස මෙරටට ආනයනය කළ පොහොර නැවේ සාම්පල පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඒවා බෙදා හැරීමට කටයුතු කරන බව පොහොර ලේකම් කාර්යාලය ප්‍රකාශ කරයි.

පොහොර ආනයනය කිරීමට කටයුතු කළ ද ඉන් නිසි ප්‍රයෝජනයක් ගොවීන්ට ලබා ගැනීමට නොහැකිවන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය කියා සිටී.

නිසි වේලාවට පොහොර ගොවීන්ට නොලැබීම හේතුවෙන් මෙම ගැටළුව උද්ගත වී ඇති බව එහි ජාතික සංවිධායක, වයඹ පළාත් සභා මන්ත්‍රී නාමල් කරුණාරත්න පවසයි.

07 වැනි දා වනවිට ප්‍රධාන පොහොර සමාගම් සඳහා අවශ්‍ය පොහොර තොග ලබාදීමට හැකියාව ලැබෙනු ඇති බව පොහොර බෙදා හැරීමේ කටයුතු සිදු කෙරෙන අන්දම සහ සාම්පල පරීක්ෂාව සම්බන්ධයෙන් අදහස් පළ කරමින් පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ අජිත් පුෂ්පකුමාර සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here