ඉන්දීය සුපිරි ක්‍රීඩකයෙක් මහ පාරට ඇද වැටෙයි(VIDEO)

0
261

Related image

ඉන්දීය කණ්ඩායමේ හිටපු සුපිරි පිතිකරුවෙකු වන සචින් තෙන්ඩුල්කාර් මුම්බායි නුවර මාර්ගයක ක්‍රිකට් ක්‍රීඩා කරන අයුරු දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට එක්කර තිබේ.

ඒ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 11 වන අදියර පැවැත්වෙමින් තිබියදී ය.

සිය මෝටර් රථයෙන් ගමන් කරමින් සිටින අතරවාරයේදී මාර්ගයේ ක්‍රීඩා කරන තරුණයන් පිරිසක් දැක තෙන්ඩුල්කාර් එම ස්ථානයට පැමිණ ඔවුන් සමග එක්වී තිබේ.
ඔහු ක්‍රීඩා කරන ආකාරය දකින එම ස්ථානයෙන් රථ වාහනවල ගමන් කරන පිරිස් ද තෙන්ඩුල්කාර් දැක ගැනීමට පැමිණ ඇතැයි සඳහන්.

සචින් තේන්ඩුල්කාර් මෙවර අයි පී එල් තරගාවලියේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන උපදේශකයෙකු ලෙසට කටයුතු කරයි.

ඔහු එම තරගාවලියේ තරග 78 කට ක්‍රීඩා කර ලකුණු 2334 ක් ලබාගෙන ඇත්තේ ශතකයක් සහ අර්ධ ශතක 13 ක් ද සමගින් ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here