ත්‍රීරෝද රථ සංගමය මීටර් නීතිය ගැන අප්‍රසාදයෙන්

0
10

ත්‍රීරෝද රථ සඳහා අද (20) සිට ක්‍රියාත්මක මීටර් නීතිය දැඩි අසාධාරණ එකක්වන අතර එවැනි නීතියක් පිළිපැදීමට සුදානම් නැතැයි සමස්ත ලංකා ත්‍රීරෝද රථ ව්‍යවසායකයන්ගේ එකමුතු සංගමයේ සභාපති එම්.ජේ.දිසානායක පවසයි.

මෙවැනි නීතියක් මගින් ත්‍රීරෝද රථ කර්මාන්තය කඩා වැටීමකට පත්වන අතර බලධාරීන්ගේ අපේක්ෂාව වී ඇත්තේ මීටර් සමාගම් පොහොසත් කර ඉන් කොමිස් මුදලක් උපයා ගැනීම බව ද ඔහු සඳහන් කරයි.

කැමති පුද්ගලයින්ට මීටර් සවි කළ හැකි අතර මගීන්ට අවශ්‍ය නම් මීටර් සහිත ත්‍රීරෝද රථ පමණක් භාවිතා කිරීමේ හෝ නොකිරීමේ නිදහසක් තිබෙන බව ද සභහපතිවරයා පැවසී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here