හෙළයේ මහා සිනමාවේදියා පිදුම් ලැබූ රණමයුර සම්මානය සමග හිමි වූ පදක්කම සොයා පරීක්ෂණ

0
18

අවමංගල්‍ය අතරතුර අතුරුදන් වූ බවට වාර්තා වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ට රණමයුර සම්මානය සමඟ හිමි වූ පදක්කම සොයා පොලිසිය මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් බම්බලපිටිය පොලීසියට ලැබී ඇති අතර, ඒ අනුව වීඩියෝ දර්ශන ඔස්සේ මේ වනවිට පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇති බවයි.

මහා සිනමාවේදී අභාවප්‍රාප්ත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ අවසන් කටයුතු සිදු කෙරුණු ඊයේ (02) දිනයේ දී ඔහුට හිමිව තිබූ පදක්කමක් නිවසින් අතුරුදන් වී ඇති බවට වාර්තා විය.

එලෙස අතුරුදන්ව ඇත්තේ 1965 වසරේ දී ඉන්දියාවේ නවදිල්ලි චිත්‍රපට උළෙලේ දී ගම්පෙරළිය චිත්‍රපටය වෙනුවෙන් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ට රණමයුර සම්මානය සමග හිමි වූ පදක්කමයි.

තිඹිරිගස්යාය ප්‍රදේශයේ පිහිටි නිවසේ තැන්පත් කර තිබූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ දේහය ඊයේ (02) උදෑසන නිදහස් චතුරශ්‍රය කරා රැගෙන යාමට ප්‍රථම නිවසේ පැවති ආගමික වතාවත්වලින් අනතුරුව මෙම පදක්කම අතුරුදන් ව ඇති බව පොලීසියට සිදු කළ පැමිණිල්ලේ සඳහන් වේ.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here