පර්පෙචුවල් දුරකතන සංවාද ඇතුළත් හඬපට විකෘති කර ඇති බව හෙළි වෙයි

0
5

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම බැඳුම්කර පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසමට දුරකතන සංවාද ඇතුළත් හඬපට ලබා දී ඇත්තේ විකෘති කිරීමෙන් පසුව බව නීතිපතිවරයා අද (29) අධිකරණයට දැනුම් දී ඇත.

ඒ ඊට අදාළ නඩුව කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවේ විභාගයට ගත් අවස්ථාවේ දී ය.

පර්පෙචුවල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන, නුවන් තිලිණ සල්ගාදු සහ තොරතුරු තාක්ෂණ විධායක නිලධාරියා ලෙස කටයුතු කළ සචිත්‍ර දේවතන්ත්‍රි එම හඬ පට විකෘත කර ඇති බව එහි දී අනාවරණ විය.

ඒ සඳහා පර්පෙචුවල් හිමිකරු අර්ජුන ඇලෝසියස් ආධාර අනුබල ලබා දී ඇති බව ද නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යේෂ්ඨ අධිනීතීඥ ලක්මිනී ගිරිහාගම අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත.

ඒ අනුව, ජනාධිපති කොමිසමට ලබා දී තිබූ හඬපට 04ක් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ හඬ පට 04ක් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකර වාර්තාවක් කැඳවන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කර සිටියා ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here